මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික එම්.එම්.මොහොමඩ් මහතාට සිය ධුරයෙන් ඉවත් වන ලෙසට ඊයේ රාත්‍රියේ දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ල කර තිබෙනවා.

මීට පෙර ද මරණ තර්ජන එල්ල වු එස්.බී. දිවාරත්න මහතාට ද කෙටි පණිවිඩයක් ඔස්සේ යළිත් වරක් මරණ තර්ජන එල්ල කර ඇති බව වාර්තා වනවා.

මේ වනවිට ඔහුන්ට අවශ්‍ය පොලිස් ආරක්ෂාව ලබාදී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සිදුවීම් පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබෙනවා .

WhatsApp Group

Skip to content