එළඹෙන 9 වන දා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමට හිමිකම් ඇති සියළුම ඡන්ද හිමියන් වෙත හා තැපැල් ඡන්ද දායකයින් වෙත මැතිවරණ කොමිසම විසින් දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව එක් ඡන්ද දායකයෙකුට එක් ඡන්දයක් පමණක් හිමිවන බවයි එම කොමිසම දැනුම් දෙන්නේ.

ඡන්ද විමසීමේ දී ඡන්ද පත්‍රිකාවේ තරඟ කරන පක්ෂවල නම් හා සලකුණු ද, ස්වාධීන කණ්ඩායම් තරඟ කරන්නේ නම් ස්වාධීන කණ්ඩායම් යන වචනද හදුනා ගැනීමේ අංක හා සලකුණු පමණක් මුද්‍රණය කර තිබෙනවා.

අපේක්ෂකයින්ගේ හෝ කොට්ඨාශවල නම් සහ අංක ඡන්ද පත්‍රිකාවේ සඳහන් නොවන බවයි මැතිවරණ කොමිසම දැනුම් දෙන්නේ.

ඒ අනුව සළකුණු කිරීමට ඇති තීරුවේ කතිරය සළකුණු කරන ලෙස ද ඉල්ලීමක් කරනවා.

මේ අතර අද දිනයේ දී සියළුම පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

එහිදී මැතිවරණයට අදාළ ප්‍රතිපාදන මේ දක්වා නොලැබීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙන බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content