අභ්‍යාසලාභී උපාධිධාරින් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා වන තරඟ විභාග පැවැත්වීම වෙනුවෙන් අවසර ලබා දෙන්නැයි මැතිවරණ කොමිසමෙන් ඉල්ලීම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසවා.

ඔහු මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින්.

https://www.vnews.lk/storage/2023/01/SUSIL-PREJAYANTH-EDIT-.mp3?_=1

මේ අතර මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත සංශෝධනවලට යටත්ව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත සරල බහුතරයෙන් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි ඔහු ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/01/KATHANAYAKA-EDIT-.mp3?_=2

මේ අතර පළාත් පාලන මැතිවරණයේ ඇප මුදල් භාරනොගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා කළ නියෝගය සම්බන්ධයෙන්ද අද පාර්ලිමේන්තුවේදී කතා බහට ලක් වුණා.

එහිදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර උණුසුම් සංවාදයක් ද ඇති වුණා.

https://www.vnews.lk/storage/2023/01/SAJITH-VS-DINESH-EDIT-.mp3?_=3

එමෙන්ම පාර්ලිමේන්තුව අද සිට ලබන 20 දා දක්වා රැස්විමට නියමිතයි.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසන්නේ පළාත් පාලන මැතිවරණයට අදාළව ඉදිරිපත් වූ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් දෙකක් අද පස්වරුවේ දෙවන වර කියවීම සිදුවන බවයි.

මේ අතර මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගැනීම පිළිබඳ අවසන් තීරණය සඳහා හෙට ප.ව.1.00ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content