.මැතිවරණ කොමිෂන් සභාවේ පවතින පුරප්පාඩු සදහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබා දීම කල් දමා තිබෙනවා.

ඒ සම්බන්ධව තීරණය කිරීමට මෙම මස 22 වන දින ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත බවයි කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා සදහන් කළේ.

ඊයේ දිනයේදී රැස් වූ ව්‍යවස්ථාදායක සභාවේදී මැතිවරණ කොමිෂන් සභාවේ පවතින නිර්දේශ ලබා දීම සිදු නොවූ බවද කතා නායකවරයා කියා සිටියා.

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් දෙදෙනා සහ පොලිස් කොමිෂන් සභාවේ පුරප්පාඩු සාමාජිකයන් පත් කිරීම පිළිබදව අනුමැතිය ලබා දීම 22 වන දා සිදු වනු ඇති බවටයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content