මැතිවරණ කල් දැමීමට එරෙහි සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන තීරණය කර තිබෙනවා.
ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම මෙහි මූලික අරමුණයි.
මැතිවරණ ප්‍රචන්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් ප්‍රධානී ඩී.එම් දිසානායක මහතා පැවසුවේ ලබන 09 වනදා කොළඹදී මෙම සමුළුව පවත්වන බවයි.
ඊට දේශපාලන පක්ෂ නියෝජිතයින් , නිරීක්ෂණ සංවිධාන සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් සහභාගි වනු ඇති.

WhatsApp Group

Skip to content