2024 ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 771ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මේ අතරින් පැමිණිලි 747ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වන අතර, එක් පැමිණිල්ලක් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වන බවයි වාර්තාවන්නේ,

මේ අතර පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ මැතිවරණයට අදාළව පැමිණිලි 228ක් තම සංවිධානයට ලැබී ඇති බවයි.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා රටවල් 12 ක නියෝජිතයින්ට ආරාධනා කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කලා.

එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේ ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, පාකිස්ථානය සහ මාලදිවයින වැනි රටවල් ඊට සහභාගී වන බවට තහවුරු කර ඇති බවයි.

WhatsApp Group

Skip to content