පළාත් පාලන මැතිවරණය තවදුරටත් ප්‍රමාද නොකර පවත්වන ලෙස ඇමෙරිකානු සෙනෙට් සභාවේ විදේශ සබදතා කමිටුව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එම මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුවේ සභාපති රොබට් මෙනෙන්ඩස් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇති බව සදහන්.

එමෙන්ම ශ්‍රී ලංකා ජනතාවගේ හඬ උදුරා ගැනීමට ගන්නා ඕනෑම උත්සාහයක් ප්‍රජාතන්ත්‍ර විරෝධී බවයි ඔහු පවසන්නේ.

මේ අතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අද විශේෂ පක්ෂ නායක රැස්විමක් පැවැත්වීමට නියමිතයි.

පස්වරු 1.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතයි.

 

WhatsApp Group

Skip to content