මේ වසරේ ගත වූ මාස 6 ක කාලය තුළ සිදු වූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.

තවත් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව සදහන්.

ඒ අනුව වෙඩි තැබීමේ සිදුවීම් 40 ක් වාර්තා වී ඇති අතර බස්නාහිර පළාත සහ දකුණු පළාත තුළ වැඩිම වෙඩි තැබීම් ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ.

මේ අතර දකුණු සහ බස්නාහිර පළාත්වල සිදු වූ සිදු වීම් සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් ජේ්‍යෂ්ඨ පොලිස් නිලධාරින්ට ද දන්වා තිබෙනවා.

WhatsApp Group

Skip to content