වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මේ වනවිට මෙරටින් ඩෙංගු රෝගීන් 21,453 දෙනෙකු වාර්තාවී ඇති බවය ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.
4,608 ක් වන වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවද එම ඒකකය පවසනවා.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 02 ක් ඩෙංගු අධි අවදානම් මට්ටමේ පවතින බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content