මාස දෙකක් තුළ රුපියල් මිලියන 983ක අපනයන ආදායමක් උපයා ඇති බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා මේ බව ප්‍රකාශ කළා.

රට මේ වන විට නිවරදි ආර්ථික මගක ගමන් ගන්නා බවට තහවුරු වන බවයි ප්‍රසන්න රණවීර මහතා සදහන් කළේ.

පාසල තුළදීම ව්‍යවසායක පරිසරයක් නිර්මාණය කිරිම මිනිසුන් ව්‍යවසායකයින් බවට පත් කිරීමට විශාල රුකුලක් සපයන බව ද රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content