මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වැසිත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව වාර්තා වනවා.

මාවුස්සාකැලේ ජලාශයේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට පැමිණීමට අද (06) දින පෙරවරු වන විට පිළිවෙළින් අඩි හතක් සහ දහයක් වශයෙන් පැවැති බව එම ජලාශභාර ඉංජිනේරුවරුන් පවසනවා.

ජාතික විදුලිබල පද්ධතියට අයත් ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකීර්ණයේ ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන්, පොල්පිටිය, බ්‍රෝඩ්ලන්ඩ් සහ විමලසුරේන්ද්‍ර යන විදුලි බලාගාර හය සඳහා විදුලිය උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකෙනි.

WhatsApp Group

Skip to content