තම රට තුළ රඳවා සිටින හමුදා කණ්ඩායම් වහා ඉවත් කර ගන්නා ලෙස මාලදිවයින් නව ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු විසින් ඉන්දියානු රජයට දන්වා තිබෙනවා.

බී.බී.සී. පුවත් සේවය සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ අදාළ කාරණය සම්බන්ධයෙන් තමා අදාළ ඉන්දීය මහකොමසාරිස්වලරයට දැනුම් දුන් බවයි.

මෙය තමා විසින් මැතිවරණ පොරොන්දුවක් ලෙස ලබාදුන් කාරණයක් බවත් එය ඉටු කිරීම සියවගකීම බවත් මාලදිවයින් ජනාධිපතිවරයා මෙම සම්මුඛ සාකච්ඡාවේදී පවසනා තිබෙනවා.

නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ මොහොමඩ් මුයිසු චීන ප්‍රතිපත්තිය මූලික කර ගනිමින් කටයුතු කළ අතර හිටපු ජනාධිපතිවරයා කටයුතු කළේ ඉන්දීය ප්‍රතිපත්තය මූලික කරගනිමිනුයි.

WhatsApp Group

Skip to content