ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිනි මාරියා ගාර්සා පස් දින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණ තිබෙනවා.

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිවරයෙක් ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය බවටයි වාර්තා වන්නේ.

ඇය මෙම සංචාරය අතරතුර මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඉහළ පෙළේ නිලධාරින් රැසක් සමග ද සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව සදහන්.

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය ලොව පුරා රටවල් 170 ක් නියෝජනය කරන අතර සමාගම් මිලියන 45 ක ආයතනික සාමාජිකත්වය ද ලබා ගෙන ඇති දැවැන්ත සංවිධාන ජාලයක් වනවා.

WhatsApp Group

Skip to content