එළඹෙන උත්සව සමයේදී නිෂ්පාදන සිදුකරන ව්‍යවසායකයින්ට සිය නිෂ්පාදන කිසිදු ගාස්තුවකින් තොරව මාර්ග දෙපස සිට අලෙවි කිරීමට අද සිට අවසර හිමිවනවා .

ප්‍රවාහන, මහා මාර්ග අමාත්‍යංශය සඳහන් කළේ උත්සවය සමයේ තාවකාලික දින පදනමක් මත මෙම අවසරය ලබාදෙන බවයි .

ඒ අනුව අද සිට අප්‍රේල් 12 වනදා දක්වා වන කාලය තුළ මාර්ග ආශ්‍රිතව වෙන්කර දෙනු ලබන විශේෂිත ප්‍රදේශවල අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය සහ අධීක්ෂණය මත සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට නිෂ්පාදකයින්ට අවස්ථාව හිමි වනවා .

WhatsApp Group

Skip to content