මෙරට මාර්ග පද්ධතියේ ඉදිකිරීම් නැවත කඩිනමින් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පවසනවා .

ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ඉදිරි අයවැයෙන් වෙන් කිරීමට නියමිත අතර එම මාර්ගවල ඉදිකිරීම් කඩිනමින් නිම කර ජනතා අයිතියට පවරාදීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ .

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content