“මහමඟ නිරතුරු වලකමු අනතුරු” යන මැයෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳව පාසල් දරු දැරියන් හා ප්‍රජාව දැනුම්වත් කිරිමේ වැඩසටහනක් එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී හා එප්පාවල නගරයේදී ඊයේ (06) පැවැත්වුුුණා.

 එප්පාවල පොලිස් වසමේ පාසල් කීපයක දරු දැරියන් දැනුම්වත් කිරීම හා රිය නියාමක දරුවන් පුහුණු කිරීමේ දේශනයක් හා සංදර්ශණයක් කොළඹ රථ වාහන පොලිස් මූලස්ථානයේ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙලෙස පැවැත්වුණා.
එප්පාවල පොලිස් ස්ථානයේ ආරාධනයකට අනුව  මහ මගදී අපි සුරැකෙමු- අපි සුරකිමු යන තේමාව යටතේ ,කොළඹ රථ වාහන පොලිස් මූලස්ථානයේ, උපපොලිස් පරීක්ෂක එම්.සී උදය කුමාර මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් මෙම දේශනයන් හා සංදර්ශණ පැවැත් වුුුවා.
එහිදී එප්පාවල පොලිස් වසමට අයත් පාසල් කීපයක දරු දැරියන්ට  මාර්ග ආරක්ෂාව පිළිබඳ දරුවන් දැනුම්වත් කිරීම මෙන්ම, ඒ ඇසුරින් අසන ප්‍රශ්න සඳහා නිවැරදි පිළිතුරු ලබා දුන් දරු දැරියන් අගයමින් ත්‍යාග ප්‍රදානය කිරීමද,  රිය නියාමක දරු-දැරියන් වෙත රිය නියාමක කබායන් ප්‍රදානය කිරීම හා ඔවුන් වෙත සහතික පත්‍ර ලබා දීමද සිදු කෙරුණා.
ඉන් අනතුරුව එප්පාවල නගරයේදී සංදර්ශනාත්මක දැනුම්වත් කිරීමක්ද එම නිළධාරීන් විසින් සිදු කරනු ලැබුුුවා.
තඹුත්තේගම කොට්ඨාශභාර සහකාර පොලිස් අධිකාරී ජීවන්ත සිරිසේන, එප්පාවල පොලිස් ස්ථානාධිපති ඊ.අයි.එස් ඒකනායක,  එප්පාවල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උ.පො.ප කේ.එන් කෝදාගොඩ මහතා ඇතුළු රථ වාහන අංශ නිළධාරීන්, එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ විදුහල්පති ජානක හේරත් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය හා සිසු දරු දැරියන් මේ සදහා සහභාගී වුුුනා.

WhatsApp Group

Skip to content