මාර්ග අනතුරු සහ ඒ අශ්‍රිත මරණ හා ආබාධිතවීම් වැළැක්වීම හා පාලනයට ඉහළ පෙළේ කමිටුවක් පත්කිරිමට රජයේ අවධානය යොමුවී තිබෙනවා.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ කමිටුව කඩිනමින් පත්කරනු ඇති බවයි.

කොළඹ පැවති ජාත්‍යන්තර සමුළුවකට එක්වෙමින් සාගල රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළා.

මාර්ග අනතුරු හේතුවෙන් 2023 වසරේ මේ දක්වා ළමා මරණ 115ක් සිදුව ඇති බවයි මෙහිදී අනාවරණ වුණේ.

මෙම තත්ත්වය පාලනය කිරීම සදහා සමාජයේ සියලු පාර්ශවයන්ට වගකීමක් පැවරී ඇති බව ද ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මෙහිදී අවධාරණය කළා.

WhatsApp Group

Skip to content