මාරවිල – උතුරු මුහුදුකටුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඇතැයි වර්තවනවා.

පොලිසිය සඳහන් කලේ පුද්ගලයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් මෙම වෙඩි තැබීමට අමතරව තවත් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර ඇති බවයි.

වෙඩි වැදීම හේතුවෙන් තුවාල ලබා ඇත්තේ බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙක්.

එමෙන්ම මාරවිල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙක් තියුණු ආයුධයකින් පහරකෑම හේතුවෙන් රෝහල් ගත කර තිබුනවා.

මාදැලකින් මාලු මිලදී ගැනීමට ගිය අවස්ථාවේ ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මම තත්වය හටගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content