මාරක අනතුරු හේතුවෙන් මෑතකදී මෙරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා .
මේ වසරේ ගත වු කාලය තුළ රිය අනතුරු 8,875ක් සිදුව ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ .

ඒ අතරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1,043 ක් බව ද කොළඹ දී ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා .
මාරක රිය අනතුරුවලින් වැඩි සංඛ්‍යාවක් යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ බස් රථ අනතුරු බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කලේ .

 

WhatsApp Group

Skip to content