කොළඹ, මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ මාධ්‍ය සාකච්ඡාවකට බාධා කළ බාහිර පුද්ගලයින් සිව් දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාධ්‍ය සාකච්ඡාව අතරතුර බාහිරින් පැමිණි පිරිසක් මාධ්‍ය සාකච්ඡාවට බාධා කිරීමෙන් අනතුරුව මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කර තිබූ නිලධාරීන් පොලිසිය කැඳවා තිබුණි.

පොලිසියේ පැමිණීමෙන් කලබලයට පත්වූ බාධා කළ පිරිස එම ස්ථානයෙන් පලාගිය අතර ඔවුන්ව හඹා ගොස් ඉන් සිව් දෙනෙක්ව අත්අඩංගුවට ගැනීමට කුරුඳුවත්ත පොලීසියේ නිලධාරීන් සමත් විය.

WhatsApp Group

Skip to content