විකාශන අධිකාරි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විද්්‍යූත් මාධ්‍ය ආයතන නියෝජිතයින්ගේ අදහස් ලබා ගැනීම අද සිදු වනවා.

ඒ සදහා සාකච්ඡාවක් අද පස්වරු 2 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන බවයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා පැවසුවේ.

එම පනත් කෙටුම්පත සැකසූ කැබිනට් අනුකමිටුවේ සාමාජිකයන් වන ආචාර්ය විජේදාස රාජපක්ෂ, අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, කෙහෙළිය රඹුක්වැල්ල සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන් සහභාගි වීමට නියමිතයි.

 

WhatsApp Group

Skip to content