පාඩම් පොතට සීමා නොවී ප්රායෝගිකව ජීවිත ගොඩනගා ගැනීමට හුරුකරන අධ්යාපන ක්රමවේදයක් අප රටේ ක්රියාත්මක කළ යුතු බවත්, ඒ ඔස්සේ රටට වැඩදායී පුරවැසියන් බිහිකිරීම අත්යවශ්ය කරුණක් බවත් ආරක්ෂක රාජ්ය අමාත්ය ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. අමාත්යවරයා මේ බව ප්රකාශ කළේ පසුගිය දා (ජුලි 13) මාතලේ එඩ්වඩ් ක්රීඩාංගනයේදී පැවති මාතලේ දිස්ත්රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති ශිෂ්යත්ව පිරිනැමීමේ උත්සවයට සහභාගි වෙමිනි.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට ශිෂ්යත්ව පිරිනැමීමේ වැඩසටහන යටතේ ඔවුන්ගේ අධ්යාපන කටයුතු වෙනුවෙන් අවශ්ය මුල්ය ප්රතිපාදන ලබාදීම මේ වනවිට දීප ව්යාප්තව දිස්ත්රික් මට්ටමින් ක්රියාත්මක කෙරෙමින් පවතී.
එමෙන්ම ප්රබල මූල්ය ස්ථාවරත්වයක් සහිත රටවල පවා ක්රියාත්මක නොවන, අප රටේ සිසු දරුවන්ට මහඟු දායාදයක් වන නිදහස් අධ්යාපනය තුළින් එහි උපරිම ප්රතිඵල ලබාගැනීම අප කාගේත් වගකීම බවද අමාත්යවරයා මෙහිදී අවධාරණය කළේය.
අධ්යාපනයේ වැදගත්කම හඳුනාගනිමින්, රජය මගින් ක්රියාත්මක ‘කඳුකර දශකය’ සංවර්ධන ව්යාපෘතිය යටතේ දඹුල්ල හා මාතලේ දිස්ත්රික්ක සඳහා ලබාදී ඇති අරමුදල්වලින් 85%කට වැඩි ප්රමාණයක් පාසල්වල සංවර්ධන හා ප්රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් භාවිත කෙරෙන බව ද, එම සංවර්ධන ව්යාපෘති දැනටමත් ක්රියාත්මක බව ද අමාත්යවරයා ප්රකාශ කළේය.

WhatsApp Group

Skip to content