මාතලේ, ලග්ගල, විල්ගමුව පොලිස් ස්ථානයේ රාත්‍රී ප්‍රධාන ගේට්ටුවේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ T-56 වර්ගයේ ගිනි අවිය පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බව විල්ගමුව පොලිසිය සඳහන් කරයි.

මෙලෙස අද (26) අලුයම දෙකට පමණ පිරිසක් පැමිණ ඔහුගේ ගිනි අවිය පැහැර ගෙන ඇත්තේ අදාළ පොලිස් කොස්තාපල්වරයා විල්ගමුව පොලිස් ස්ථානයේ ප්‍රධාන ගේට්ටුවෙහි ආරක්ෂක කටයුතු වල නිරතවෙමින් සිටියදී බවද සඳහන්.

ඉදිරි පාස්කු සතිය ඉලක්ක කර ගනිමින් රට තුළ යම්කිසි සිදුවීමක් ක්‍රියාත්මක කිරීම සඳහා හෝ පාතාල කණ්ඩායම් අතර මේ දිනවල පවතින ගැටුම් සඳහා භාවිතා කිරීමට සංවිධානාත්මක පිරිසක් විසින් මෙම ගිනි අවිය පැහැරගත්තේද යන්න පිළිබඳව මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් ගිනි අවිය පැහැර ගන්නා ලද පුද්ගලයින් සොයා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

WhatsApp Group

Skip to content