මාතර රෝහලේ එක්ස්රේ යන්ත්‍ර වලට අදාල අමුද්‍රව්‍ය ගබඩාකර තිබූ ගබඩා කාමරයක ගින්නක් හටගෙන තිබෙනවා.

මෙම ගින්න හේතුවෙන් ජීවිත හානි සිදුව නොමැති අතර, ගබඩා කාමරයේ තිබූ අමුද්‍රව්‍ය වලට පමණක් හානි සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ.

ගින්න හටගත් අවස්ථාවේ ලැබුණු තොරතුරක් මත මාතර පොලීසිය, මාතර ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සමග එක්ව ගින්න මැඩ පැවැතිවීමට කටයුතු කළ බවද පොලීසිය සදහන් කළා.

WhatsApp Group

Skip to content