පසුගිය 3 වෙනිදා අළුයම් කාලයේ මාතර, කොටවිල, නව මාතෘ රෝහල වෙත ප්‍රතිකාර පිණිස රැගෙන ආ බිළිඳාව, එම රෝහල තුල හදිසි ප්‍රතිකාර ඒකකයක් නොමැති බැවින් මාතර දිස්ත්‍රික් මහ රෝහල වෙත ගෙනයන ලෙසට එහි සිටි නිලධාරීන් විසින් උපදෙස් දී ඇත. එම බිළිඳා මාතර මහ රෝහල වෙත රැගෙන යන විටද මියගොස් ඇති බව වෛද්‍යවරු දන්වා ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් මහ රෝහල් පාලනාධිකාරිය විසින් පරීක්ෂණයක් සිදුකරන අතර, සෞඛ්‍ය ලේකම්ගේ උපදෙස් පරිදි අමාත්‍යාංශයේ විමර්ශන අංශය විසින් පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෑතකදී විවෘත කරන ලද මාතර, කොටවිල, නව මාතෘ රෝහල තුළ ගරු සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් ද අනුව හදිසි ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගන්න බව සෞඛ්‍ය ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් ප්‍රකාශ කරන ලදි.

WhatsApp Group

Skip to content