කොට්ටාව මාකුඹුර අධිවේගී මාර්ග හුවමාරු බස් නැවතුම්පොලේදී අද උදෑසන අනතුරක් සිදු වුණා.

ඒ අනුව පාදුක්කේ සිට පිටකොටුව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් එක්වරම බස් නැවතුම්පළේ ගැටීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

බස් රථයේ තිරංග ක්‍රියාවිරහිත වීමෙන් රියදුරුට බසය පාලනය කර ගත නොහැකි වීම අදාළ අනතුරට හේතුව වී ඇති බව සදහන්.

අනතුරින් බස් නැවතුම්පළට ද දැඩි අලාභහානි සිදු වී ඇති අතර බස්රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ.

WhatsApp Group

Skip to content