පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක අද දිනයේදී අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, සියලු දිස්ත්‍රික්කවල මනාප ලැයිස්තු මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති අතර එම මනාප ලැයිස්තු පරීක්ෂා කර දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යැවීමට පියවර ගෙන ඇති බවයි.

මහ මැතිවරණයේ එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි අවම මුදල අද ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරන බව සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කලා.

WhatsApp Group

Skip to content