ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත පිළිබද දෙවනවර කියවීමේ විවාදය ලබන 20 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව ඊයේ රැස් වු අවස්ථාවේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

අදාළ පනත් කෙටුම්පත පසුගිය 11 වනදා විවාදයට ගැනීමට නියමිතව තිබුණ ද එය අවස්ථා කිහිපයකදී කල් දැමුණා.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත වෙනුවට නව කෙටුම්පතක් සකස් කිරීමට කටයුතු කරන්නැයි ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රිවරුන් අග්‍රාමාත්‍යවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දුන් ප්‍රතිඥාවන්ට අනුව නව කෙටුම්පත සකස් කරන ලෙසයි ඔවුන් අග්‍රාමාත්‍යවරයා දැනුම් දී තිබුණේ.

WhatsApp Group

Skip to content