මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලි අනුපාතිකය තවදුරටත් පහත දමා තිබෙනවා.

ඒ, මුදල් මණ්ඩලය විසින් ඊයේ දින රැස් වී ගනු ලැබූ තීරණයකට අනුවයි.

මේ අනුව නිත්‍ය තැන්පතු පොලී අනුපාතය සියයට 10 සිට සියයට 9 දක්වා පහත දමා ඇති අතර නිත්‍ය ණය පහසුකම් අනුපාතය සියයට 11 සිට සියයට 10 දක්වා අඩු කර ඇති බවයි මහ බැංකුව නිවේදනය කර සිටියේ.

දේශීය සහ ගෝලීය ආර්ථිකයේ අපේක්ෂිත වර්ධනයන් පිළිබදව සිදුකරන ලද විශ්ලේෂණයකින් අනතුරුවයි මහ බැංකුව විසින් මෙම නිවේදනය නිකුත් කළේ.

WhatsApp Group

Skip to content