මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම අත්තනෝමතික ලෙස සිදු කළ බවට මේ දිනවල දේශපාලන වේදිකාවේ මෙන්ම සමාජ මාධ්‍ය තුළද දැඩි ලෙස කතාබහට ලක්වන මාතෘකාවක් වී තිබෙනවා.

මේ හේතුවෙන් ඊයේ දින පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු මුදල් කාරක සභාවේ සාමාජිකයින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමසීමට කමිටුව හමුවේ කැඳවනු ලැබුවා.

එහිදි මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා මුදල් කාරක සභාවේ සභාපතිවරයාගෙන් විමසා සිටියේ සදාචාරාත්මක නොවන ලෙස අගවන්නේ මෙම අවස්ථාවේ මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමේ ප්‍රමාණයද නැතහොත් වැඩිකිරීම ද යන්නයි.

එහිදි රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර ඇති වූයේ මෙවන් සංවාදයක්.

අද දින පාර්ලමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් විමසා සිටියේ 2024 වසර වන විට ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක සංඛ්‍යාව කොපමණද, එමෙන්ම ඔවුන්ට තිබූ මූලික වැටුප කොපමණද යන්න සභාවට දැනුම් දෙන ලෙසයි.

මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩිකීරීම සම්බන්ධ ප්‍රශ්නය මහ බැංකු අධිපතිවරයාගේ යැයි පෙන්වා දෙමින් විපක්ෂය සිදුකරන්නේ රජයේ මුදල් කාරක සභාවේ සභාපතිවරයාගේ කකුලෙන් ඇදීමට කටයුතු කිරීමක් බවටයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

WhatsApp Group

Skip to content