මහනුවර මහ නගර සභාවට අයත් වෙළෙඳ සංකීර්ණවලින් මුදල් වංචා කල මහනුවර මහ නගර සභාවේ කළමණාකාර සහකාරවරියකගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඇය මහනුවර මහ නගර සභාවට අයත් වෙළෙඳ සංකීර්ණවල කඩකාමර සඳහා ව්‍යාජ ලේඛණ සකසා රුපියල් අසූ දෙලක්ෂ හැත්තෑ හත් දහස් හයසීයක් වංචා කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට මධ්‍යම පළාතේ පළාත් පාලන කොමසාරිස්වරිය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පිහිටුවා ඇති අතර එහි නිර්දේශයකට අනුව කළමණාකාරවරියගේ වැඩ තහනම් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content