මහ කන්නයේ වී මිලදී ගැනිමේ කටයුතු සදහා වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 1000 ක මුදලක් ලැබී තිබෙනවා.

මේ අනුව මහ භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 500 ක් ද ගොවි භාරකාර අරමුදලින් රුපියල් මිලියන 500 ක් ද වශයෙන් මිලියන 1000 ක මුදලක් ලැබී ඇති බවයි වී අලෙවි මණ්ඩලය සදහන් කළේ.

පසුගිය 18 වන දා සිට වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගැනීම ආරම්භ කළ අතර මේ අනුව සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ගබඩා දෙක බැගින් මේ වන විට විවෘත කර තිබෙනවා.

මේ අනුව ගත වූ දින 5 තුළ වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇති වී ප්‍රමාණය කිලෝග්‍රෑම් නව ලක්ෂ හාරදහස් දෙසිය දෙකක්.

WhatsApp Group

Skip to content