වර්තමානයේ රට තුළ පවතින ආර්ථික අර්බුදයට වගකිව යුතු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නම් කළ හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ ඇතු`ඵ පුද්ගලයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට අද පාර්ලිමේන්තුවේදී විපක්ෂය විසින් සදහනක් කළා.

එහිදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කර සිටියේ ඊට අවශ්‍ය ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීමට කටයුතු කරන ලෙසයි.

https://www.vnews.lk/storage/2023/11/SAJITH-EDIT-4.mp3?_=1

කෙසේ වෙතත් අදාළ නඩු තීන්දුව ගැන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මතු කළ කාරණයත් සමග පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

එහිදි විපක්ෂ නායකවරයා සදහන් කළේ ශ්‍රේෂ්ඨාධීකරණය දීර්ඝ වශයෙන් සලකා බලා ලබා දුන් තීන්දුවකට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් අවශ්‍ය නොවන බවයි.

https://www.vnews.lk/storage/2023/11/MIX-EDIT.mp3?_=2

මෙලෙස බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ නිකුත් කරනු ලබන්නේ ආර්ථික ඝාතනකයන්ගේ ලැයිස්තුවෙන් ඔහුගේ නම නොතිබීම නිසා බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/11/ANURA-EDIT-1.mp3?_=3

නීතිපොතේ තිබෙන තර්ක ගෙනැවිත් මෙම ගැටලුවෙන් නිදහස් වීමට උත්සහ නොකරන ලෙස එහිදි අදහස් පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීc මහතා පැවසුවා.

https://www.vnews.lk/storage/2023/11/WIMAL-EDIT.mp3?_=4

WhatsApp Group

Skip to content