අත්අඩංගුවට ගත් හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළා.

2022 වසරේදී කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ නිවසක් ලබාදෙන බවට පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 70ක් වංචා කිරීමේ චෝදනාවක් මත කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රි මහින්ද කහඳගම මහතාව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර තිබුණේ.

ඒ අනුව ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කළා.

WhatsApp Group

Skip to content