දේශගුණික විපර්යාස හමුවේ ඕස්ට්‍රේලියාවේ පිහිටා ඇති මහා බාධක කොරල් පරය යළි අවධානම් සහගත තත්ත්වයකට පත්ව ඇති බව නවතම අධ්‍යනයකින් අනාවරණ වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කළ ඕස්ට්‍රේලියාවේ පර්යේෂකයින් පවසන්නේ, පසුගිය දශකය තුළ එම කොරල්පර සහ ඒ අවටින් වසර 400කට පසු ඉහළම උෂ්ණත්වයක් වාර්තා වී ඇති බවයි.

මේ අනුව, අධික උෂ්ණත්වය හමුවේ මහා බාධක කොරල් පරය සහ අවට පරිසරය වෙනස් වී ඇති බව ද එම කොරල්පර වල අභ්‍යන්තරයෙන් ලබාගත් සාම්පල අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

කෙසේ වෙතත්, ගෝලීය උණුසුම සීමා කළ හැකි පියවරයන් වලට කඩිනමින් එළඹීමෙන් කොරල් පරය විනාශ වීම වැළක්විය හැකි බවයි පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content