මල්වතු මහා නායක හිමියන් ලෙස පෙනී සිටිමින් දිවයින පුරා මහා පරිමාණයෙන් ලක්ෂ ගණනින් මුදල් වංචා සිදු කිරීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් සැකකරු රක්ෂිත බන්දනාගාර ගත කර තිබෙනවා.

නුවරඑළිය වැඩබලන මහේස්ත්‍රාත් කේ.ඩී. විජේවික්‍රම මහතා නියෝග කර ඇත්තේ සැකකරු මේ මස 12 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 51 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු මල්වතු මහා නායක හිමියන් ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුම් ඔස්සේ පිටරට රැකියාවලට යවන බව පවසමින් මුදල් වංචා කිරීම සම්බන්දව ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගෙන අධිකරනය හමුවට ඉදිරිපත් කර තිබුනා.

WhatsApp Group

Skip to content