මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජාත්යන්තර සංවර්ධනය පිළිබඳ ඔපෙක් අරමුදලේ (OPEC Fund for International Development) ආසියා පැසිෆික් කලාපීය කළමනාකරු යූසෆ් අල්-මුලහ්ම් මහතා සහ මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා අතර මුදල් අමාත්යාංශයේ දී පැවැත්විණ.
අදාළ වැඩසටහන දැනට ආසියානු සංවර්ධන බැංකුවේ අමෙරිකානු ඩොලර් මිලියන 300කට අධික ආධාර යටතේ සිදු කෙරෙන අතර ඔපෙක් අරමුදල මගින් ඒ සඳහා තවත් අමෙරිකානු ඩොලර් මිලියන 100ක දායකත්වයක් දැක්වීම සඳහා මෙහි දී එකඟත්වය පළ කර තිබේ.
ඒ අනුව මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ මොරගහෙකන්ද ජලාශයේ සිට හුරුලු වැව සහ මහ කනදරාව වැව දක්වා මෙම ව්යාපෘතිය මගින් ජලය ලැබෙනු ඇත.
මේ සඳහා ණය ප්රතිව්යුහගතකරණයේ සහ ශ්රී ලංකාව තුළ සිදු කෙරෙන ප්රතිසංස්කරණ වැඩසටහනේ සාර්ථකත්වය හේතු වී තිබේ.

WhatsApp Group

Skip to content