ඇඹිලිපිටිය මහවැලි ඉඩම්වල පශ්චාත් අස්වනු නෙළන කාලය තුළ මැණික් ගැරීමේ කටයුතු සඳහා අවසර ලබාදීම පිළිබඳ කර්මාන්ත අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සාකච්ඡා කර තිබෙනවා.

කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී මෙම කාරක සභාව රැස් වූ අතර, එහිදීයි මේ පිළිබද සාකච්ඡා කෙරුණේ.

මීට අමතරව, 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලද රෙගුලාසි ද කමිටුව විසින් අනුමත කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content