බොරැල්ල ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකින් ඇද වැටී බරපතල තුවාල ලැබූ 16 හැවිරිදි පාසල් සිසුවෙකු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

මෙම සිසුවා සිය මිතුරන් සමග නිවසේ මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි අවස්ථාවේ මව පැමිණීමත් සමග කලබල වී ජනේලයකින් පළායාමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි පොලීසිය සදහන් කළේ.

ඇදවැටීමෙන් බරපතල තුවාල ලැබූ සිසුවා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර මේ වන විට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

WhatsApp Group

Skip to content