කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ සුඛෝපබෝගි නිවාස සංකීර්ණයක් වන අල්ටෙයාර් ගොඩනැගිල්ලෙහි 67 වන මහලෙන් ඇදවැටී ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි වියේ පසුවන සිසුවෙකු හා සිසුවියක් බවයි.

පාසල් වේලාවෙන් පසුව එම ගොඩනැගිල්ලේ පැවති සාදයකට මෙම දරුවන් දෙදෙනා සහභාගි වී තිබෙනවා.

එමෙන්ම අදාළ සාදයට සිසුන් 100 ක් පමණ පැමිණ ඇති බවද සඳහන්.

මෙම සිසුවිය හා සිසුවා අදාළ ගොඩනැගිල්ලෙන් බිමට පැන ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

අදාළ සිසුවිය සහ සිසුවා වැල්ලවත් සහ කැළණිය ප්‍රදේශවල පදිංචි වූවන් බව මේ වන විට අනාවරණය වී තිබෙනවා.

අදාළ සිදුවීම පිළිබදව කොම්පඤ්ඤවීදිය පොලිසිය මගින් වැඩිදුරට විමර්ශන ක්‍රියාත්මකයි.

WhatsApp Group

Skip to content