මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වැල්ලවත්ත පෙඩි්‍රකා පාර ප්‍රදේශයේ පිහිටි ගොඩනැඟිල්ලකින් ඇඳ වැටී මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු බව සඳහන්.

පොලිසිය සඳහන් කළේ ඊයේ දින එම සිද්ධිය සිදු වී තිබූ අතර මහල් 08 ක ගොඩනැගිල්ලකින් එම පුද්ගලයා ඇද වැටී තිබූ බවයි.

සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වැල්ලවත්ත පොලිසිය මගින් ක්‍රියාත්මකයි.

WhatsApp Group

Skip to content