රැඳවියන් 11 දෙනෙකු මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා

ඒ, 2020 වසරේ නොවැම්බර් මස මහර බන්ධනාගාරය තුළ පැවති උද්ඝෝෂණයක් අතරතුර දී බන්ධනාගාර නිලධාරින් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වෙඩිතැබීමකින් රැඳවියන් 11 දෙනෙකු මියයාමේ සිදුවීම සම්බන්ධයෙන්

නීතිපතිවරයා මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ, අදාළ සිද්ධිය අපරාධයක් බවත්, ඊට සම්බන්ධ නිලධාරින් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇති පසුබිමයි

WhatsApp Group

Skip to content