මහනුවර රාජධානි සමයට අයත් කෞතුක භාණ්ඩ 6 ක් යළිත් මෙරටට ලබා දීමට නෙදර්ලන්ත රජය සිය කැමැත්ත පළ කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් නෙදර්ලන්ත රජය විසින් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට මේ බව ප්‍රකාශ කර ඇති බව සදහන්.

1965 වසරේ ලන්දේසින් විසින් මහනුවර රජ මාළිගාව අත්පත් කර ගත් අවස්ථාවේදී ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළද සමාගම විසින් රනින් සහ රිදියෙන් නිම කළ කොපුව සහිත කස්තාන 2 ක්, රනින් නිම කළ පිහියක්, මහ තුවක්කු 2 ක් සහ ලෙව්කේ දිසාවේ හට අයත්ව තිබූ බව සැලකෙන කාලතුවක්කුවක් ද රැගෙන ගොස් ඇති බවටයි ඔවුන් පවසන්නේ.

මේ අනුව දැනට නෙදර්ලන්තයේ කෞතුකාගාරයක තැන්පත් කර ඇති මෙම කෞතුක භාණ්ඩ මෙරටට ලබා දීමට ඔවුන් සිය කැමැත්ත පළ කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content