මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය හෙටින් ආරම්භ වීමට නියමිතයි.

සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් අනතුරුව ‘2024 කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යයේ’ කටයුතු, පුරාණ සම්ප්‍රදායට අනුව පසුගිය පස් වනදා ආරම්භ වුනා.

ඒ අනුව පුරා දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහර කටයුතු සිදු කෙරුණු අතර හෙට දින පළමු කුඹල් පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතයි.

කුඹල් පෙරහර 05ක් පැවැත්වීමෙන් අනතුරුව අගෝස්තු මස 15 වනදා පළමු රන්දෝලි පෙරහර වීදි සංචාරය කරන අතර, අගෝස්තු මස 19 වනදා අවසන් රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතයි.

20වනදා අළුයම ගැටඹේ තොටේදී දිය කැපීමේ මංගල්‍ය පවත්වා දිවා පෙරහරින් අනතුරුව මෙවර ඇසළ පෙරහර මංගල්‍ය අවසන් කෙරෙන බවයි දියවඩන නිලමේ නිලංග දෑළ මහතා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content