මහනුවර දිගන මාර්ගයේ කෙංගල්ල ප්‍රදේශයේදී දිරාගිය ගසක් මාර්ගයට කඩාවැටීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අද උදෑසන කෙංගල්ල ප්‍රදේශයේ මාර්ගය ආසන්නයේ පාලු ඉඩමක තිබූ දිරාගිය සියඹලා ගසක් මෙලෙස එක්වරම මාර්ගයට ඇද වැටී ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.

එම අවස්ථාවේදී දිගන සිට මහනුවර දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් ගමන් කර තිබූ බවද සදහන්.

මේ අනුව ඇදවැටෙමින් තිබූ විශාල ගස දුටු වෑන් රථයේ රියදුරුට රිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය අසල තිබූ පැති බැම්මක හා දුරකථන කු`ඵණක ගැටී තිබෙනවා.

එම අවස්ථාවේදී වෑන් රථයේ පාසල් ළමුන් සිව්දෙනෙකු සහ ගුරුවරියන් දෙදෙනෙකු ඇතු`ඵ 6 දෙනෙක් ගමන් කර ඇති අතර එහිදි රියදුරුට බරපතල තුවාල සිදුව ඇති බව සදහන්.

එමෙන්ම ගුරුවරියන් දෙදෙනා සහ පාසල් ළමුන් තිදෙනෙකු ද රෝහල්ගත කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content