ගංවතුරට හසු වු ආහාර, පාරිභෝගිකයින්ට අලෙවි කරන වෙළෙඳසැල් ඇත්නම් ඒ පිළිබඳ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාව දැනුවත් කරන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලිමක් කරනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා සඳහන් කළේ පසුගිය සමයේ එවැනි සිදුවිම් වැඩිවශයෙන් වාර්තා වූ බවයි.

මේ අතර, පාරිභෝගිකයින්ට ලබාදෙන ආහාර නිසි ප්‍රමිතියකට තබා නොගන්නේ නම් නීතිමය පියවර ගන්නා බව එම ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ටී.බී ආනන්ද ජයලාල් මහතා පවසනවා.

WhatsApp Group

Skip to content