මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, ප්‍රවාහන දීමනාව ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එස්.බෝපිටිය මහතා සඳහන් කළේ, දිවයින පුරා 2,400කට ආසන්න නිලධාරින් පිරිසක් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්ව සිටින බවයි.

අපේක්ෂා රෝහල, ළමා රෝහල ඇතුළු ස්ථාන කිහිපයක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවන බව ද එස්.බෝපිටිය මහතා වැඩිදුරටත් සදහන් කළා.

WhatsApp Group

Skip to content