මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනය නිකුත් කර ඇත්තේ දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල සදහායි.

ඒ අනුව ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදාවේ සියලු සාමාජිකයන් මෙලෙස කැඳවීමේ නියමය ඇතුළත් ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබුවා.

පරිපාලන දිස්ත්‍රික්ක හා ඒ ආශ්‍රිත දේශීය ජල තීරයන්හි මහජන සාමය පවත්වාගෙන යාම එම සන්නද්ධ හමුදාවන්ට පවරා තිබෙනවා.

WhatsApp Group

Skip to content