මහජන උපයෝගීතා කොමිසමට නව උප සභාපතිවරයෙකු පත්කර තිබෙනවා.

කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ එස් ජී සේනාරත්න මහතා කොමිසමේ උප සභාපති තනතුරට පත්කර ඇති බවයි.

සභාපතිවරයා ලෙස තමන්ට ලැබී ඇති බලතල අනුව මෙම පත්කිරීම සිදුකළ බවයි ජනක රත්නායක මහතා සදහන් කළේ.

මහජන උපයෝගිතා කොමිසමේ උප සභාපතිවරයා ලෙස මීට පෙර කටයුතු කලේ බී කේ යු ඒ වික්‍රමසිංහ මහතායි

ඔහුගේ ඉල්ලා අස්වීමන් පසු පුරප්පාඩු වු තනතුර සදහායි සේනාරත්න මහතාව පත්කර ඇත්තේ.

WhatsApp Group

Skip to content