විදුලි බිල අඩු කිරීමේ යෝජනා ලබන 10 වනදාට පෙර ලබා දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.
අදාළ යෝජනා මේ මස 01 වනදා වන විට ලබා දීමටයි නියමිතව තිබුනේ.
නමුත් ඒ සඳහා විදුලිබල මණ්ඩලය ඒ සඳහා කල් ඉල්ලූ බවයි කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ .
ඒ අනුව මේ මස 10 වනදා දක්වා කල් ලබා දී තිබෙනවා.
මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ ඒ අනුව විදුලි බිල අඩු කිරීමේ ප්‍රතිශතයන් ජූලි මාසයේ ප්‍රකාශට පත් කරන බවයි.

WhatsApp Group

Skip to content